2022.02.17 දින පූර්ණ වශයෙන් නවීකරණය කරන ලද ගාල්ල මහා නගර සභාව සතු ධර්මපාල උද්‍යානය විවෘත කිරිම

උපාය මාර්ගික නගර සංවර්ධන ව්යාපෘතිය මගින් පූර්ණ වශයෙන් නවීකරණය කරන ලද ගාල්ල මහා නගර සභාව සතු ධර්මපාල උද්යානය විවෘත කිරිම අතිගරු ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් 2022.02.17 වන දින සිදුවිය. තරුණ හා ක්රීඩා කටයුතු ගරු අමාත්ය නාමල් රජපක්ෂ මැතිතුමා, වැවිලි කටයුතු ගරු අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මැතිතුමා, දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ මැතිතුමා, වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන ගරු රාජ්ය අමාත්ය නීතීඥ මොහාන් පී. ද සිල්වා මැතිතුමා, නාගරික සංවර්ධන, අපද්රව්ය බැහැරලීම හා ප්රජා පවිත්රතා කටයුතු රාජ්ය අමාත්ය ගරු (ආචාර්ය) නාලක ගොඩහේවා මැතිතුමා, ගාල්ල කඩවත් සතර ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්රී මර්ජාන් ෆලීල් මැතිතුමා ඇතුළු තවත් පාර්ලිමේන්තු ගරු මන්ත්රීතුමන්ලා රැසක් හා ගරු නගරාධිපති ප්රියන්ත ජී. සහබන්දු මැතිතුමා, ගරු නියෝජ්ය නගරාධිපති ෆවුසුල් නියාස් මැතිතුමා ඇතුළු නගර සභා ගරු මන්ත්රීතුමන්ලා හා මන්ත්රීතුමියන්ලා සහ ප්රාදේශීය සභා ගරු මන්ත්රීතුමන්ලා, නාගරික කොමසාරිස්තුමා ඇතුළු නගර සභා කාර්ය මණ්ඩලය සහ තවත් සම්භාවනීය අමුත්තන් රැසක් මෙම උත්සව අවස්ථාව සඳහා සහභාගී විය.

දිවයිනේ ජනප්රිය, ප්රතිභාපූර්ණ කලා ශිල්පීන් රැසක් සහභාගී වූ ගායන, වාදන, නර්ථන විශේෂාංග හා අලංකාර මල්වෙඩි සංදර්ශනයකින් ද විචිත්රවත් වූ මෙම උත්සව අවස්ථාව නැරඹීම සඳහා විශාල පිරිසක් සහභාගී විය. ගාල්ල නගරයට පැමිණෙන ජනතාවගේ විඩාව සංසිදුවා ගැනීම සඳහා සුවදායී තුරුසෙවනක්, කුඩා දරුවන් සඳහා වෙන් වූ නවතම උපකරණ වලින් සමන්විත වූ ළමා උද්යානයක්, විසිතුරු මසුන් සහිත මින් මැදුරක් හා රාත්රී කාලයේ අලංකාරවත් විදුලි ආලෝක පද්ධතියක් ද සහිත මෙම ධර්මපාල උද්යානය විවෘත උද්යානයක් ලෙස (අය කිරීමකින් තොරව) පවත්වාගෙන යාම සඳහා ගාල්ල මහා නගර සභාව විසින් තීරණය කර ඇති බව සතුටින් දැනුම් දෙමු.