ඉන්දියානු පොත් එකතුවක් ගාල්ල ආචාර්‍ය රිචර්ඩ් පතිරණ පුස්තකාලයට

ගාලු වැසියන් සඳහා සංස්කෘතික තොරතුරු කාර්‍යාලයක් ලෙස "Bharat Ek Parichay" - Sharing Knowledge with TheWorld වැඩසටහන යටතේ ඉන්දීය කොන්සල් ජනරාල් කාර්‍යාලය මගින් ඉන්දියානු පොත් එකතුවක් (Indian corner) ගාල්ල මහා නගර සභාවේ ආචාර්‍ය රිචර්ඩ් පතිරණ මහජන පුස්තකාලයට පිරිනැමීම 2019.08.30 දින ඉන්දීය කොන්සල් ජනරල් ප්‍රේම් කුමාර් නයිර් මැතිතුමා විසින් සිදුකරන ලදී. මෙම අවස්ථාව සංකේතවත් කරමින් එතුමන් විසින් ගරු නගරාධිපති ප්‍රියන්ත ජී.සහබන්දු මැතිතුමන් වෙත පොත් පිරිනැමීම සිදුවිය.මෙම අවස්ථාව සඳහා පුස්තකාල උපදේශක කමිටු සාමාජික මහත්ම මහත්මීන්, ප්‍රධාන පුස්තකාලයාධිපතිනිය ඇතුළු පිරිස සහභාගි විය.

ඡායාරූප සඳහා අපගේ නිල facebook පිටුව වෙත පිවිසෙන්න