ගැලවීමේ හමුදාවේ ප්‍රධාන මූලස්ථානය මගින් වෙන්ටිලේටර් යන්ත්‍රයක් ගාල්ල කරාපිටිය ශීක්ෂණ රෝහල වෙත පරිත්‍යාග කිරීම

ගැලවීමේ හමුදාවේ (Salvation Army) ප්රධාන මූලස්ථානය මගින් ශ්වසන අපහසුතා සහිත කොවිඩ් රෝගීන්ට ප්රතිකාර කිරීම සඳහා යොදා ගන්නා රුපියල් ලක්ෂ 13 ක් වටිනා බයිපැප් වෙන්ටිලේටර් (BIPAP Ventilator) යන්ත්රයක් ගාල්ල කරාපිටිය ශීක්ෂණ රෝහලේ නියෝජ්ය අධ්යක්ෂතුමිය වෙත 2021.07.19 දින පරිත්යාග කරන ලදි. ගැලවීමේ හමුදාවේ ජාත්යන්තර අරමුදල මගින් ග්රී ලංකාවේ කොවිඩ් මර්දන හා ප්රතිකාර කටයුතු සඳහා වෙන් කළ මුදලින් මෙම වෙන්ටිලේටර් යන්ත්රය මිල දී ගෙන ඇති අතර රෝගියෙක් දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරන තෙක් එම රෝගියාට අවශ්ය කෘතීම ශ්වසනය ලබා දීමට භාවිතා කරන මෙම වටිනා යන්ත්රය පරිත්යාග කිරීමේ අවස්ථාවට ගාල්ල ගරු නගරාධිපති ප්රියන්ත ජී. සහබන්දු මැතිතුමා, කර්නල් නිහාල් හෙට්ටිආරච්චි මහතා, මහජන සම්බන්ධතා ලේකම්, උප ලුතිනන් නිව්ටන් ප්රනාන්දු මහතා, ව්යාපෘති කළමනාකරු දිනුක රාජපක්ෂ මහතා ඇතුලු පිරිසක් සහභාගී විය.