ගාල්ල මහා නගර ස‍භාව

ආචාර්ය රිචර්ඩ් පතිරණ පුස්තකාලය - අධි ශ්‍රේණිය

 

ලිපිනය - ආචාර්ය රිචර්ඩ් පතිරණ පුස්තකාලය වක්වැල්ල පාර, ගාල්ල.

දූරකථන අංක - 091 2246761 / 091 2222440

ඊ‍මේල් ලිපිනය - This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it


ඉතිහාසය

ක්‍රි.. 1867 දී සංස්ථාපනය කරන ලද ගාල්ල මහා නගර සභාව විසින්, වර්‍ෂ 97 ‍ට පසුව 1964.06.16 දින කියවීම් ශාලාවක් ද, ‍‍‍‍‍පොත් 835 ක් හා පාඨකයින් 235 ක් ද සහිතව මහජන පුස්තකාල සේවයක් ආරම්භ කරන ලදී. මහා නගර සභා ගොඩනැගිල්‍ල කඩ කාමරයක් තුල කියවීම් ශාලාව හා පුස්තකාලය ආරම්භ කිරීම සුවි‍‍‍‍‍‍‍ශේෂී වූ මහජන අවශ්‍යතාවයක සමාරම්භයකට දැරු අත්තිවාරමක් ලෙස සැලකිය හැකිය.

ක්‍රම‍‍යෙන් නගර‍‍යේ ප්‍රභූන්ද, පාසල් දරු දැරියන් ද පුස්තකාලය පරිහරණයට හුරුව ලබද්දී ඉඩකඩ ප්‍රමාණවත් නොවූ හෙයින් පිළියමක් ‍‍ලෙස 1975.07.14 දින වඩා ඉඩකඩ සහිත පැරණි විදූලිබලාගාර ‍‍ගොඩනැගිල්ල නව පුස්තකාලය ලෙස එවකට සිටි ලකිසුරු විලියම් ‍‍ගොපල්ලාව මහතා අතින් විවෘත ‍‍‍‍‍‍‍‍කෙරුණි.

ර‍ටේ හා නගර‍‍යේ ක්‍රමික වර්ධනයත් සමග පාඨක ජනතාව ‍‍වෙත වඩා උසස් හා පුළුල් පුස්තකාල ‍සේවාවක් ලබාදි‍‍මේ අවශ්‍යතාවය පැනනැගී‍මේ හේතු‍වෙන්, 1997 වර්‍ෂ‍‍යේ සිට ‍‍ගොඩනගන ලද නව පුස්තකාලය 2000.05.13 දින ආචාර්ය රිචර්ඩ් පතිරණ පුස්තකාලය නමින් මහජන අයිතියට පවරන ලදී.

මෙම පුස්තකාලය ගාලූ නගරයේ වක්වැල්ල පා‍රේ ටැල්බට් ටවු‍මේ ඉදි ‍‍කොට ඇති අතර, ප්‍රධාන මාර්ගයට මුහුණලා කඩවීදිය, පාසල් හා රජ‍‍යේ කාර්යාල ආසන්න‍‍යේ පිහිටා ඇත.

ගාල්ල නාගරික බල ප්‍ර‍‍දේශය තුල පදිංචි නගර වැසියන් ‍‍වෙත පුස්තකාල හා ‍තොරතුරු ‍‍සේවා සැපයීම අරමුණ වන අතර, නගර‍යේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවනට හා නගර‍යේ ‍දෙපාර්ත‍‍‍මේන්තු වල හා ආයතන වල ‍‍සේවය නියුක්ත වූ නගර‍‍යෙන් බැහැර ජනතාවට ද පුස්තකාල ‍සේවාව විවෘතව ඇත. මහජන පුස්තකාල පරමාර්ථය අනුව නෑම පාඨක‍‍‍යෙකු සහා ‍‍මෙම පුස්තකාලය නිදහ‍‍සේ පරිහරණය සඳහා විවෘතය.

පුස්තකාලයේ ග්‍රන්ථ සම්භාරය 2009. 12. 31 දින වනවිට 97457 වන අතර එය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි ග්‍රන්ථයන්ගෙන් සමන්විත වේ.

අරමුණු හා කාර්යය භාරය

(අ) ගාල්ල පුරවර‍යේ පුරවරසියන් ඇතුළු ජනතාව යාවජීව අධ්‍යපනයක් ලබාදීම, ඔවු‍ගේ ජිවන තත්වය නගා සිටුවීමට අවශ්‍ය දැනුම සහ ‍තොරතුරු එක්රැස් කිරීම, ඒවා පුස්තකාල විද්‍යානුකූලව සංවිධානය හා බෙදාහැරිම මගින් බුද්ධිමත් මෙන්ම දැනුවත් සමාජයක් නිර්මාණය කිරිමට අවශ්‍ය පාඨක සේවාවන් ඉටුකිරිම.

(ආ) ගාල්ල මහා නගර සභාවේ ප්‍රතිපත්ති නිර්ණය කරන දේශපාලන නායකත්වයට සහ එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය පරිපාලනමය හා වෘත්තිමය කාර්ය මණ්ඩලවලට අවශ්‍ය දැනුම හා තොරතුරු ලබාදිමට ක්‍රියාකිරිම.

(ඇ)   ඉහත සහන් පරමාර්ථ ඉටුකරණු සඳහා පොත්, වාර සඟරා, පුවත්පත් හා නව තොරතුරු මාධ්‍ය වන සූක්ෂම මුද්‍රණ, ඡායා ස්ථිති, සේයා රාමු, ශ්‍රව්‍ය දෘෂ්‍ය පටි, සංයුක්ත තැටි ආදිය තේරිම, අත්පත් කර ගැනීම, පරිග්‍රහණ ලේඛණගත කිරිම, මුදල් ගෙවිම, වර්ගීකරණය කිරිම හා සුචිකරණය කිරිම මූලික සංරක්ෂණ කටයුතු කිරිම ද පුස්තකාල පාඨකයන්ගේ භාවිතය සහා විමර්ශන අංශය, බැහැරදෙන අංශය, ළමා අංශය හා ජංගම අංශයට බෙදා හැරිම.

(ඈ) ගුණාත්මක පාඨක සේවාවක් ඉටුකිරිමට අවශ්‍ය ශිල්පිය තාක්ෂණ                                ඥාණය කාර්යමණ්ඩලයට ලබාදීම.

(ඉ) පාඨකයන්ගේ දැනුම හා කුසලතාවන් වැඩිදියුණු කෙරෙන අධ්‍යාපනික හා                      වෙනත්සේවාවන් ඉටුකිරිම.

(ඊ) පාඨක සේවාවන් ඉටුකිරිමට අවශ්‍ය ගොඩනැගිලි පහසුකම්, ඉඩකඩ, යන්ත්‍රෝපකරණ හා ශ්‍රව්‍ය දෘෂ්‍ය උපකරණ හා නඩත්තු කාර්යයන් ද, පුස්තකාලයේ පවිත්‍රතාවය ආදි කාර්යයන් නිසි පරිදි ඉටුකිරිම.

(උ) කාර්ය මණ්ඩලය පුහුණු කිරිම සහ ගාල්ල මහා නගර සභාවේ පරිපාලනය සම්බන්ධ තොරතුරු අවශ්‍යතා ඉටුකිරිම.

ගොඩනැගිල්ල

ගාල්ලමහා නගර සභාවේ ආචාර්ය රිචර්ඩ් පතිරණ පුස්තකාලය තෙමහල් ගොඩනැගිල්ලකි. එහි බිම් මහල හා අනෙකුත් මහල් තුනෙහි සංවිධානය කර ඇති ප්‍රධාන අංශ හා සේවා ස්ථාපිත කර ඇත. එමෙන්ම ඒ ඒ මහල්වල අභ්‍යන්තර සංවිධානය එනම් බිම් සැලැස්ම පිළිවෙලින් පහත සඳහන් පරිදි වේ.

මෙම ගොඩනැගිල්ලේ බිම් ප්‍රමාණය වර්‍ග අඩි 15,960 කි. එය මහල් වශයෙන් ගත් කළ පහත සඳහන් පරිදිය.

· බිම් මහල - වගර්‍ අඩි 343

· පළමු මහල - වගර්‍ අඩි 5523

· දෙවන මහල - වගර්‍ අඩි 5414

· තෙවන මහල - වගර්‍ අඩි 4680

එකතුව - වගර්‍ අඩි 15960

බිම් මහල හා අනෙකුත් මහල් තුනෙහි සංවිධානය කර ඇති ප්‍රධාන අංශ හා සේවා

· බිම් මහල - ගමන් බඩු කාමරය

· පළමු මහල - පුවත් පත් කියවීම් ශාලාව/වැඩිහිටි පොත් බැහැර දෙන                                  අංශය/වාර සඟරා අංශය/පරිගණක අංශය

· දෙවන මහල - ළමා පොත් බැහැර දෙන අංශය/ළමා පරිගණක අංශය/ළමා                           විමර්ශන අංශය

· තෙවන මහල - විමර්ශන අංශය/ස්වඅධ්‍යයන අංශය/විමර්ශන සඟරා අංශය

 

 

සාමාජිකයෙකු විය හැක්කේ කාටද ?

· ගාල්ල මහා නගර සභා සීමාව තුළ ස්ථිර පදිංචි කරුවනට

· ගාල්ල මහා නගර සභා සීමාව තුළ අධ්‍යාපනය ලබන සිසු සිසුවියනට

· ගාල්ල මහා නගර සභා සීමාව තුළ රැකියාවේ නියුතු අයට


පොත් බැහැර ගෙන යාම සහා සාමාජිකයකු වන්නේ කෙසේද ?

· අයදුම්පත නිසි ලෙස පුරවා පාසලේ/සේවා ආයතනයේ ඉගෙනීම ලබන බවට/සේවයේ නියුක්ත බවට සහතික කර ලිපියක් ඉදිරිපත් ඉදිරිපත් කරන්න.

· නාගරික බල ප්‍රදේශය තුළ ස්ථිර පදිංචි වරිපනම් ගෙවන අයෙකු ඉල්ලුම්කරුට ඇපවිය යුතුය.

· සාමාජිකත්වය අනුමත වූ පසු පොත් ලබාගත හැකිය.

· සාමාජික බලපත් දෙකක් නිකුත් කරනු ලබන අතර ඒ සඳහා පොත් දෙකක් ලබාගත හැකිවේ.


පාඨක සේවාන් සිදුකරන දිනයන් හා වේලාවන්

· රජයේ නිවාඩු දිනයන් හා බ්‍රහස්ප්‍රතින්දා දිනය හැර සතියේ සෑම දිනකම පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 දක්වා විවෘතව පවතී.


ශාඛා පුස්තකාල (03)

මලිගස්පේ ශාඛා පුස්තකාලය

අනගාරික ධර්‍මපාල මාවත, කරාපිටිය.

· රජයේ නිවාඩු දිනයන් හා බදාදා දිනය හැර සතියේ සෑම දිනක ම පෙ.ව. 9.00 සිට ප.ව. 16.30 දක්වා විවෘතව පවතී.

මාගාල්ල ශාඛා පුස්තකාලය

වරාය පාර, මාගාල්ල, ගාල්ල.

· රජයේ නිවාඩු දිනයන් හා ඉරිදා දිනය හැර සතියේ සෑම දිනක ම  පෙ.ව. 8.45 සිට ප.ව. 16.30 දක්වා විවෘතව පවතී.

කටුගොඩ ශාඛා පුස්තකාලය

කටුගොඩ, ගාල්ල.

· රජයේ නිවාඩු දිනයන් හා බ්‍රහස්ප්‍රතින්දා/සිකුරාදා දිනවල හැර සතියේ සෑම දිනක ම   පෙ.ව. 8.45 සිට ප.ව. 16.30 දක්වා විවෘතව පවතී.

ග්‍රන්ථ වර්ගීකරණය

සියලුම ග්‍රන්ථ ඩිවි දශම වර්ගීකරණයේ DDC 21 සංස්කරණය අනුව වර්ගකර ඇති අතර ග්‍රන්ථවල නාරටියේ ඇමතුම් අංක අලවා ඒවා රාක්ක ගතකර ඇත.

සම්පත් සංවිධානය

ග්‍රන්ථ ප්‍රතිග්‍රහනය

සියලුම පුස්තකාල ද්‍රව්‍ය පරිග්‍රහන ලේඛනවලට ඇතුලත් කර ඇත. ඒ ඒ අංශවලට අයත්වන ග්‍රන්ථ පහත දැක්වෙන සලකුණු අනුව හඳුන‍ා ගැනීමට පුලුවන.

L - බැහැර දෙන අංශය

CL - ළමා අංශය

R - විමර්ශන අංශය

ML - මලිගස්පේ ශාඛා පුස්තකාලය

MG - මාගාල්ල ශාඛා පුස්තකාලය

KG - කටුගොඩ ශාඛා පුස්තකාලය


ග්‍රන්ථ සුචිකරණය

පුස්තකාලයේ අඩංගු සියලු පොත් පිළිබඳ ග්‍රන්ථ විද්‍යාත්මක තොරතුරු AACR 2 අනුව ඇතුලත් කොට, පත්‍රිකා පිළියෙල කොට සුචි කැබිනෙට්ටුවල ගොනු කර ඇත. සුචිය ප්‍රධාන කොටස් දෙකකි.

  • අ කාරාදි සුචිය
  • වර්ගිකෘත සුචිය

පොත් වල කතෘ හෝ ග්‍රන්ථ නාමය පදනම් කරගෙන අ කාරාදි සුචිය පිළියෙල කර ඇත. මෙහි කාඩ්පත් ගොනුකර ඇත්තේ කුමන අංශවල ද ආදි විස්තර මෙම සුචිය මගින් පාඨකයනට දැනගත හැකි වේ.

වර්ගිකෘත සුචිය මගින් විෂය අනුව පුස්තකාලයේ ඇති පොත් පිළිබව විස්තර ඉදිරිපත් කර ඇත.

පරිගණක ගත සුචිය

ආචාර්ය රිචර්ඩ් පතිරණ පුස්තකාලයේ හා ශාඛා පුස්තකාල 03 හි සියලුම ග්‍රන්ථ වල විස්තර පරිගණක ගත කර ඇත. තොරතුරු පිපාසාවෙන් පැමිණෙන පාඨයන්ගේ කාලය, ශ්‍රමය ඉතිරිකර දෙමින් පාඨකයා සොයා පැමිණෙන පොතපත කරා නිවැරදි එළඹුමක් ලබාදීම මෙහි මූලිකම අරමුණවේ. මෙමගින් පාඨකයාටම පරිගණකය භාවිතයෙන් තමන් සොයන පොත පත මෙම පුස්තකාලයේ තිබේද? තිබෙන්නේ කුමන අංශයේද යන්න ස්වයං නිරික්ෂණයක යෙදිය හැකිවේ.

ග්‍රන්ථ සංසරණය

බ්‍රවුන් ක්‍රමය යොදා ගනිමින් සංසරණය කෙරේ. එක් පාඨකයෙක් සඳහා එකවර පොත් 02ක් දින 14ක් සඳහා නිකුත් කරනු ලබන අතර ළමා පාඨකයන් සඳහා එකවර පොත් දෙකක් දින 14ක් සඳහා නිකුත් කරනු ලැබේ.

පුවත්පත් ලිපි අනුක්‍රමණිකාව

ලංකාදීප, දිනමිණ, දිවයින සහ ලක්බිම ආදී . . පුවත්පත් වල කාලීන මාතෘකා යටතේ පලවන ලිපි හා පාසල් විෂය මාලාවට අදාළ ලිපි ඇතුලත් කොට පුවත්පත් ලිපි එකතුවක් පවත්වාගෙන යනු ලැබේ. පුස්තකාලයාධිපති විසින් නිර්මාණය කරන ලද විශේෂ වර්ගීකරණ ක්‍රමයක් අනුගමනය කරමින් මෙම එකතුවට අයත් ලිපි අනුක්‍රමණිකාවක් ද සම්පාදනය කෙරේ. මෙම ලිපිගොනු පුස්තිකා පෙට්ටිවල අසුරා පාඨකයින්ගේ ප්‍රයෝජනය සඳහා තැන්පත් කර ඇත.

සඟරා ලිපි අනුක්‍රමණිකාව

පහත දැක්වෙන සඟරාවල අඩංගු ලිපිනාම සඳහා සම්පාදනය කරනු ලබන මෙම සඟරා ලිපි අනුක්‍රමණිකාව කාඩ්පත් ගොනුවක් වශයෙන් පවත්වාගෙන යනු ලබන අතර පාඨකයනට අවශ්‍ය වූ විට පරිහරණය කිරීමට පහසුකම් සලසා ඇත.

  • දෙසතිය
  • නවයුගය
  • ආර්ථික විමසුම

මේවායේ අඩංගු ලිපි විෂය අනුව අනුක්‍රමණිකාවකට ඇතුළත් කොට ඇත.

නව ප්‍රතිග්‍රහන ලැයිස්තු

පුස්තකාලයට ලැබෙන සියලුම නව ප්‍රකාශන පිළිබඳ ලැයිස්තු පිළියෙල කොට පාඨකයාගේ ප්‍රයෝජනය සඳහා ප්‍රදර්ශනය කෙරේ.

ඒකාබද්ධ සුචිය

දැනට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මධ්‍යස්ථානයෙන් UCAT හා සම්බන්ධ වී ඇත. පුස්තකාල පරිගණකගත සුචියට අලුතින් එකතුවන පොත්පත් පිළිබඳ විස්තර සංයුක්ත තැටි/විද්‍යුත් තැපෑල ආධාරයෙන් UCAT වෙත යවනු ලැබේ. එමගින් අන්තර්ජාලය මගින් පුස්තකලයේ ඇති ග්‍රන්ථ පිළිබඳ තොරතුරු දැනගැනීමට හැකි වේ.

ප්‍රධාන අංශ සහ සේවා

බැහැර දෙන අංශය

පොත් බැහැරදීම හා ඊට සම්බන්ධ සාමාජිකයන් බඳවා ගැනිම, සාමාජිකත්වය අලුත් කිරිම ද ඇතුලත් සියලු පාඨක සේවා මෙහිදි ඉටුකරනු ලැබේ.

පොත් බැහැර දීමේ සේවාව අංශ 02ක් යටතේ ක්‍රියාත්මක වේ.

  1. බැහැර දෙන පුස්තකාලයෙන් පොත් බැහැර දීම.
  2. ළමා පුස්තකාලයෙන් පොත් බැහැර දීම.

පොත් බැහැර ගෙනයාම සඳහා පුස්තකාලයේ බැහැරදෙන/ළමා අංශයේ සාමාජිකයෙකු ලෙස ලියාපදිංචි විය යුතුය. පොත් ලබාගැනීමට සාමාජිකයනට බලපත් දෙකක් නිකුත් කරනු ලැබේ. සාමාජික වර්ග දෙකකි.

· වැඩිහිටි සාමාජිකත්වය - වයස අවුරුදු 12 ට වැඩි ගාල්ල මහා නගර සීමා බලප්‍රදේශයේ                                           පදිංචි පුද්ගලයන්

සාමාජික ගාස්තුව රු. 50.00 කි.

වාර්ෂිකව සාමාජිකත්වය අලුත් කළ යුතුවේ.

සාමාජිකත්වය අලුත් කිරිමේ ගාස්තුව රු. 5.00 කි.

· ළමා සාමාජිකත්වය - ගාල්ල මහා නගර සභා සීමාව තුළ ස්ථිර පදිංචිය ඇති හෝ                                     අධ්‍යාපනයෙහි නියුක්ත වයස අවුරුදු 05-12 අතර පසුවන දරු                                 දැරියන් සහා

සාමාජික ගාස්තුව රු. 10.00 කි.

දෙවසරකට වරක් සාමාජිකත්වය අලුත් කළ යුතුවේ.

සාමාජිකත්වය අලුත් කිරිමේ ගාස්තුව රු. 5.00 කි.

පුවත්පත් අංශය/කියවීම් ශාලාව

ඉතා හොඳ පුවත්පත් එකතුවකින් සමන්විත මෙහි එකවර 30 දෙනෙකුට ආසන පහසුකම් සහිතව භාවිතා කළ හැකිවන අයුරින් සකස්කර ඇත. දිනපතා පල වන සිංහල/දෙමළ/ඉංග්‍රීසි/ පුවත්පත්, පුවරු මත තබා කියවීමට සලස්වා ඇත.

මෙහි දී ඔබට කියවිය හැකි පුවත්පත්

දිනපතා සිංහල පුවත්පත්

  • දිනමිණ
  • දිවයින
  • ලංකාදීප
  • ලක්බිම

දිනපතා ඉංග්‍රීසි පුවත්පත්

  • Daily News
  • The Island
  • Daily Mirror

දිනපතා දෙමළ පුවත්පත්

  • තිනකරන්
  • වීරකේසරී

සති අන්ත සිංහල පුවත්පත්

  • ඉරිදා දිවයින
  • ඉරිදා ලක්බිම
  • ඉරිදා ලංකාදීප
  • ඉරිදා සිළුමිණ
  • රාවය (සෙනසුරාදා)

සති අන්ත ඉංග්‍රීසි පුවත්පත්

  • Sunday Observer
  • Sunday Times
  • Sunday Island
  • Sunday Leader

සති අන්ත දෙමළ පුවත්පත්

  • තිනකරන්
  • වීරකේසරී

විමර්ශන අංශය

අධ්‍යයනය හා පර්යේෂණයන්හි නියුතුවූවනට හා නිශ්චිත තොරතුරක් සොයා එන පාඨකයනට සැපයෙන සේවාවකි. විමර්ශන අංශය භාවිතා කිරීමට සාමාජිකත්වයක් අවශ්‍ය නොවන අතර තම අනන්‍යතාවය සනාත කිරීමට ජාතික හැුනුම්පත හෝ වෙනත් පිළිගත් හැුනුම්පතක් ඉදිරිපත් කළ යුතුය.

ස්ථිර විමර්ශන කෘති, ක්ෂණික විමර්ශන කෘති ලෙස සලකන විශ්වකෝෂ, ශබ්ද කෝෂ, වාර්ෂික ග්‍රන්ථනාමාවලි, පරිභාෂික ශබ්දමාලා, ඒක විෂය ග්‍රන්ථ ආදිය හා සිතියම් මෙහි ඇත. ඉහත කෘතීන්ට අතිරේකව සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලියැවුනු ශාස්ත්‍රීය ග්‍රන්ථ එකතුවක්, විවිධ විෂය මාතෘකා යටතේ සංවිධානය කරන ලද පුවත්පත් ලිපි එකතුවක්, රජයේ ප්‍රකාශන, විවිධ ආයතන පලකරන ලද වාර්ෂික වාර්තා, ශාස්ත්‍රීය ප්‍රකාශන හා පුස්තකාල මිළදී ගන්නා ශාස්ත්‍රීය ප්‍රකාශනද මෙම තොරතුරු සේවය යටතේ සංවිධානය කර ඇත. විමර්ශන අංශයේ පොත් එකතුව 2009. 12. 31 දිනට 14847 ක් වන අතර එකවර පාඨකයන් 80 දෙනෙකු සහා පහසුකම් සලසා ඇත.

විමර්ශන සඟරා අංශය

මෙහිදී පහත සඳහන් වාර ප්‍රකාශන කියවිය හැකිය.

  • මුතුහර
  • වත්මන
  • මනහර
  • දෙසතිය
  • නව යුගය
  • ආර්ථික විමසුම
  • ක්‍රීඩා
  • සිව්දෙස
  • විජය පරිගණක
  • Times
  • Fortune

ස්ව අධ්‍යයන අංශය

පුස්තකාල පරිසරය තුළ තම පෞද්ගලික පොත පත පරිහරණයට ඉඩ සලසාදීම මෙම අංශයේ අපේක්ෂාවයි. ස්ව අධ්‍යයන අංශය පරිහරණය කිරීම සහා සාමාජිකත්වයක් අවශ්‍ය නොවන අතර තම අනන්‍යතාවය සනාත කිරීමට ජාතික හැදුනුම්පත හෝ වෙනත් පිළිගත් හැදුනුම්පතක් ඉදිරිපත් කළ යුතුය. එකවර 24 දෙනෙකු සහා තම අධ්‍යාපන කටයුතු කරගෙන යාම සහා පහසුකම් සලසා ඇත.

ළමා පුස්තකාලය

ළමා කාලයේදීම තොරතුරු හා දැනුම ඇතුලත් පොතපත හා ද්‍රව්‍ය හූනා ගැනීම, ඉගෙනීමට, කියවීමට හුරුකරවීම, ළමුන්ගේ කුසලතාවයන් මතුකර ගැනීමට හා වැඩි දියුණු කර ගැනීමට පහසුකම් සැලසීම මෙම සේවය තුළින් අපේක්ෂා කෙරේ.

ළමා පුස්තකාල සාමාජිකත්වය ගාල්ල මහා නගර සභා සීමාව තුළ ස්ථිර පදිංචිය ඇති හෝ අධ්‍යාපනයේ නියුක්ත, වයස අවුරුදු 05-12 අතර පසුවන පාසල් දරු දැරියන්ට තම දෙමාපිය භාරකාර ඇපවීම මත හා මහා නගර සභාවට වරිපනම් ගෙවන අයෙකුගේ ඇපවීම මත ලබාගත හැකිය. ළමා අංශයේ පොත් එකතුව 2009. 12. 31 දිනට 16628 කි.

ළමා අංශයෙන් නොමිළයේ සිදුකරනු ලබන ව්‍යාප්ත සේවා

  • ශිෂ්‍යත්ව පංතිය
  • කතා පැය වැඩසටහන
  • කමි-ෂිභායි වැඩසටහන
  • 6,7,8 වසර සිසුන් සහා පවත්වන පරිගණක පංතිය
  • ළමා චිත්‍රපට දර්ශන
  • ළමා චිත්‍ර පංතිය
  • චෙස් පාඨමාලාව

විඥාපන සේවා

· දුරකථනයෙන් තොරතුරු විමසන ඕනෑම පාඨකයෙකුට තොරතුරු සැපයීම.

  • දූරකථන අංක - 091 2246761

091 2222440

· සහන මිලට අන්තර්ජාල සේවා පහසුකම්

පැයක් සඳහා - රු 35.00

විනාඩි 30ක් සඳහා - රු 20.00

ඡායා පිටපත් සේවය

පාඨකයනට පුස්තකාලයෙන් බැහැරට ගෙනයාමට අවසරයක් නොමැති පොත්පත්, සඟරා, පුවත්පත් අදියෙහි අවශ්‍ය කොටස් වල ඡායා පිටපත් සීමිතව සහන මිලට ලබාදීමේ සේවාවක් ද පවත්වාගෙන යනු ලැබේ.


වාර්ෂිකව සංවිධානය කරනු ලබන ව්‍යාප්ති සේවා

  • උසස් පෙළ සම්මන්ත්‍රණ
  • ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ
  • සාහිත්‍ය උත්සවය
  • චිත්‍ර ප්‍රදර්ශන
  • ඡායාරුප ප්‍රදර්ශන
  • පොත් ප්‍රදර්ශන
  • සම්මන්ත්‍රණ / විද්වත් දේශන
  • ප්‍රකට ලේඛකයන් වෙනුවෙන් ගුණ අනුස්මරණ උත්සව
  • පාසල් ශිෂ්‍යය ශිෂ්‍යාවන් සඳහා සංහල, දෙමළ, ඉංග්‍රීසි මාධ්‍ය රචනා, කථික තරඟ සංවිධානය කිරීම.

ප්‍රජා තොරතුරු සේවාව

  • දැන්වීම් පුවරු
  • බිත්ති පුවත්පත
  • තනතුරු ඇබෑර්තු දැන්වීම් ප්‍රදර්ශනය
  • විශේෂ පාඨමාලා දැන්වීම් ප්‍රදර්ශන
  • නිර්මානාත්මක පෝස්ටර් ප්‍රදර්ශන
  • වෙනත් විශේෂ වැදගත් කමක් දක්වන දැන්වීම් පෝස්ටර් ප්‍රදර්ශන

බිත්ති පුවත්පත

පාඨක ප්‍රජාවගේ නිර්මාණාත්මක හැකියාවන් කළඑළි දැක්වීමට ඉඩසලසා දීම මෙහි මූලික අරමුණ වේ. බිත්ති පුවත්පත පුස්තකාලයීය පාඨක සමාජය මගින් පවත්වා‍ගෙන යනු ලබන අතර මාසිකව යාවත්කාලීන කරනු ලැබේ. පුස්තකාලය කරා පැමිණෙන පාඨකයනට ඔවුන්ගේ නිර්මාණ බිත්ති පුවත්පතෙහි පලකිරීම සඳහා පුස්තකාලයේ බැහැර, ළමා, විමර්ශන අංශවෙත ලබාදීම‍ට හැකි අතර පසුව එම නිර්මාණ අධීක්ෂණයකින් පසු බිත්ති පුවත් පතෙහි පලකරනු ලැබේ.