අඩු ආදායම් ලාභී පවුල්වල පාසල් සිසු සිසුවියන් සඳහා නොමිලයේ අභ්‍යාස පොත් හා උපකරණ කට්ටල බෙදාදීම - 2022

ගාල්ල මහා නගර සභාව මගින් ක්‍රියාත්මක පුර නැගුමට වැඩ දහසක් වැඩසටහන යටතේ ගාල්ල මහා නගර සභාව මගින් ගාල්ලේ අඩු ආදායම් ලාභී පවුල්වල පාසල් සිසු සිසුවියන් සඳහා නොමිලයේ අභ්‍යාස පොත් හා උපකරණ කට්ටල 12000 ක් බෙදා දීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය 2022.03.29 දින ගාල්ල, ධර්මපාල උද්‍යානයේ දී පැවැත්විණි. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද භාවිතා කරමින් සංවිධානය කර තිබූ මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ මැතිතුමා, ගරු නගරාධිපති ප්‍රියන්ත ජී. සහබන්දු මැතිතමා, ගරු නියෝජ්‍ය නගරාධිපති ෆවුසුල් නියාස් මැතිතුමා හා ගරු නාගරික මන්ත්‍රී මණ්ඩලය සහ නාගරික කොමසාරිස්තුමා ඇතුළු නගර සභා නිලධාරීන්ද සහභාගී විය.