දකුණු පළාත් ඩෙංගු මර්ධන වැඩසටහන - 2019.06.03

සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමේ
ප්‍රධාන ඩෙංගු මර්ධන වැඩසටහන ගාල්ල මහා නගර සභා බල ප්‍රදේශය කෙන්ද්‍ර කර ගනිමින්
2019.06.03 දින දෙද්දුගොඩ නාගරික කොට්ඨාසයේ හිරිඹුර ජාතික නිවාස ක්‍රීඩා පිටිය අසලින්
ආරම්භ විය.
මෙම අවස්ථාවට දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර කීර්ති තෙන්නකෝන් මැතිතුමා, ගරු නගරාධිපති
ප්‍රියන්ත ජී සහබන්දු මැතිතුමා, ගරු නියෝජ්‍ය නගරාධිපති ෆවුසුල් නියාස් මැතිතුමා, ගරු නාගරික
මන්ත්‍රීවරුන්, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, ආණ්ඩුකාර ලේකම්
ඇතුළු රජයේ නිළධාරීන්, දකුණු පළාත් පාලන කොමසාරිස් ඇතුළු නිළධාරීන්, ගාල්ල මහා
නගර සභාවේ නාගරික කොමසාරිස්, නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී ඇතුළු කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක්
සහභාගී විය.  මෙහිදී නිවාස පරීක්ෂාව හා දුමායන කටයුතු වලට සමගාමීව නිවාස පරිශ්‍රයන්හි එකතු වන
ප්ලාස්ටික් හා පොලිතීන් ආදී අපද්‍රව්‍ය ඉවත් කිරිමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක විය.

ඡායාරූප සඳහා අපගේ නිල facebook පිටුව වෙත පිවිසෙන්න