සුමධුර ධර්මදේශනය

ගාල්ල මහා නගර සභාව විසින් සංවිධානය කරන ලද අවිස්සාවේල්ල, පුවක් පිටිය, මුණ්ඩිගල ශ්‍රී සුමනගිරි අරණ්‍ය සේනාසනාධිපති අසරණ සරණ, කම්මට්ඨානාචාර්ය අතිපූජ්‍ය මිල්ලෑවේ මහින්ද නාහිමිපානණ් වහන්සේ විසින් පවත් වන ලද සුමුධුර ධර්මදේශනය 2019.08.15 දින සවස ගාල්ල ධර්මපාල උද්‍යානයේ දී පැවැත්විණි. මෙම ධර්මදේශනය ගරු නගරාධිපතිතුමා, ගරු නියෝජ්‍ය නගරාධිපතිතුමා හා ගරු නාගරික මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පතිතුමා හා සම්භාවනීය අමුත්තන් රැසක් ද, නාගරික ලේකම්තුමිය ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා නගර සභා කාර්ය මණ්ඩලයේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ඡායාරූප සඳහා අපගේ නිල facebook පිටුව වෙත පිවිසෙන්න