ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් බැනර් කටවුට් ඉවත් කිරීම

දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර කීර්ති තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල නගරයේ අලංකාරත්වයට හානි වන අයුරින් ප්‍රදර්ශනය කර ඇති බැනර් හා කටවුට් ඉවත් කිරීමේ වැඩසටහනක් 2019.01.22 දින ක්‍රියාත්මක කරන ලදි. ගාල්ල නගරයේ ස්ථාන රැසක් පිළිබඳව මෙහිදී ගරු ආණ්ඩුකාරතුමාගේ අවධානය යොමු වූ අතර මෙම අවස්ථාවට දකුණු පළාත් ගරු ආණ්ඩුකාරතුමා, ගරු නගරාධිපතිතුමා, ගරු නාගරික මන්ත්‍රී මණ්ඩලය හා පළාත් පාලන කොමසාරිස්තුමා ඇතුළු නගරසභා නිලධාරීන් පිරිසක් සහභාගී විය.

ජායාරූප සඳහා අපගේ නිල facebook පිටුව වෙත පිවිසෙන්න