2020 ලෝක ළමා දින උත්සවය

ගාල්ල මහා නගර සභාව මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන විශ්ව ළමා දින උත්සවය 2020 වර්ෂය සඳහා ද ගාල්ල මහා නගර සභාවේ පෙරපාසල් දරු දැරියන් 550 ට ආසන්න ප්රමාණයකගේ සහභාගීත්වයෙන් ගාල්ල, කොටුව උසාවි චතුරස්රයේ දී 2020.10.01 දින අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම කටයුත්ත ගරු නගරාධිපති ප්රියන්ත සහබන්දු මැතිතුමාගේ ප්රධානත්වයෙන් හා ගරු නියෝජ්ය නගරාධිපති ෆවුසුල් නියාස් මැතිතුමා, ගරු නාගරික මන්ත්රී මණ්ඩලයේ සහ නාගරික කොමසාරිස් රනිල් වික්රමසේකර මැතිතුමා ඇතුළු ගාල්ල මහා නගර සභා නිලධාරී මණ්ඩලයේ ද සහභාගීත්වයෙන් ගාල්ල මහා නගර සභා ප්රජා සංවර්ධන ඒකකය මගින් සංවිධානය කර තිබිණි. තවද, මෙම අවස්ථාවට සහභාගී වූ දරු දැරියන් සියළු දෙනා සඳහා ගාල්ල මහා නගර සභාව මගින් වටිනා ත්යාග කට්ටලයක් ද තිළිණ කරන ලදි.

ඡායාරූප සඳහා අපගේ නිල facebook පිටුව වෙත පිවිසෙන්න