ගාල්ල හිරිඹුර ප්‍රදේශයේ ඩෙංගු මර්ධන වැඩසටහන

ගාල්ල හිරිඹුර ප්‍රදේශයේ ඇතිවී තිබෙන ඩෙංගු රෝග ව්‍යාප්තිය මර්ධනය කිරීම සඳහා ඩෙංගු මර්ධන විශේෂ වැඩසටහනක් 2019.04.18 දින පෙරවරුවේ ආරම්භ කෙරිණි. ගාල්ල හිරිඹුර සුලෙයි මානියා මහා විද්‍යාලය අසලින් ආරම්භ කල මෙම වැඩසටහන සඳහා ගරු නගරාධිපතිතුමා, ගරු නියෝජ්‍ය නගරාධිපතිතුමා, ගරු නාගරික මන්ත්‍රීවරුන්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් , දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ගාල්ල මහා නගර සභා සෞඛ්‍ය ඒකකයේ වෛද්‍යවරුන් හා නිලධාරීන්, ඩෙංගු සහායකවරුන්, වසංගත රෝග අංශයේ නිලධාරීන්, තාක්ෂණ නිලධාරීන්, පොලිස් හා යුධ හමුදා නිලධාරීන් හා නගර සභා සේවකමහතුන් ඇතුලු 350 ක පමණ නිලධාරී හා කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථක ලෙස මෙම වැඩසටහන ආරම්භ කෙරිණි. මෙහිදී තවදුරටත් ඩෙංගු රෝගය ව්‍යාප්ත වියහැකි ස්ථාන කිහිපයක් හඳුනාගත් බව නිලධාරීන් වාර්තා කර ඇති අතර පළාත් හා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලවල මැදිහත් වීම මත නවීන දුමායන යන්ත්‍ර හා ඩෙංගු මර්ධන උපකරණ කට්ටලයක් ද ලබා දී ඇත. තවද, 2019.04.19 හා 20 යන දෙදින තුල දීද මෙම වැඩසටහන් එම ප්‍රදේශය පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වීමට නියමිතය.

ඡායාරූප සඳහා අපගේ නිල facebook පිටුව වෙත පිවිසෙන්න