සම්පත් සංවිධානය | ආචාර්ය රිචර්ඩ් පතිරණ පුස්තකාලය

ග්‍රන්ථ ප්‍රතිග්‍රහනය

සියලුම පුස්තකාල ද්‍රව්‍ය පරිග්‍රහන ලේඛනවලට ඇතුලත් කර ඇත. ඒ ඒ අංශවලට අයත්වන ග්‍රන්ථ පහත දැක්වෙන සලකුණු අනුව හඳුන‍ා ගැනීමට පුලුවන.

L   - බැහැර දෙන අංශය
CL - ළමා අංශය
R   - විමර්ශන අංශය
ML - මලිගස්පේ ශාඛා පුස්තකාලය
MG - මාගාල්ල ශාඛා පුස්තකාලය
KG - කටුගොඩ ශාඛා පුස්තකාලය

 

ග්‍රන්ථ සුචිකරණය

පුස්තකාලයේ අඩංගු සියලු පොත් පිළිබඳ ග්‍රන්ථ විද්‍යාත්මක තොරතුරු AACR 2 අනුව ඇතුලත් කොට, පත්‍රිකා පිළියෙල කොට සුචි කැබිනෙට්ටුවල ගොනු කර ඇත. සුචිය ප්‍රධාන කොටස් දෙකකි.

  • අ කාරාදි සුචිය
  • වර්ගිකෘත සුචිය

පොත් වල කතෘ හෝ ග්‍රන්ථ නාමය පදනම් කරගෙන අ කාරාදි සුචිය පිළියෙල කර ඇත. මෙහි කාඩ්පත් ගොනුකර ඇත්තේ කුමන අංශවල ද ආදි විස්තර මෙම සුචිය මගින් පාඨකයනට දැනගත හැකි වේ.

  වර්ගිකෘත සුචිය මගින් විෂය අනුව පුස්තකාලයේ ඇති පොත් පිළිබඳව විස්තර ඉදිරිපත් කර ඇත.

 

පරිගණක ගත සුචිය

ආචාර්ය රිචර්ඩ් පතිරණ පුස්තකාලයේ හා ශාඛා පුස්තකාල 03 හි සියලුම ග්‍රන්ථ වල විස්තර පරිගණක ගත කර ඇත. තොරතුරු පිපාසාවෙන් පැමිණෙන පාඨයන්ගේ කාලය, ශ්‍රමය ඉතිරිකර දෙමින් පාඨකයා සොයා පැමිණෙන පොතපත කරා නිවැරදි එළඹුමක් ලබාදීම මෙහි මූලිකම අරමුණවේ. මෙමගින් පාඨකයාටම පරිගණකය භාවිතයෙන් තමන් සොයන පොත පත මෙම පුස්තකාලයේ තිබේද? තිබෙන්නේ කුමන අංශයේද යන්න ස්වයං නිරික්ෂණයක යෙදිය හැකිවේ.

 

ග්‍රන්ථ සංසරණය

බ්‍රවුන් ක්‍රමය යොදා ගනිමින් සංසරණය කෙරේ. එක් පාඨකයෙක් සඳහා එකවර පොත් 02ක් දින 14ක් සඳහා නිකුත් කරනු ලබන අතර ළමා පාඨකයන් සඳහා එකවර පොත් දෙකක් දින 14ක් සඳහා නිකුත් කරනු ලැබේ.

 

පුවත්පත් ලිපි අනුක්‍රමණිකාව

ලංකාදීප, දිනමිණ, දිවයින සහ ලක්බිම ආදී . . පුවත්පත් වල කාලීන මාතෘකා යටතේ පලවන ලිපි හා පාසල් විෂය මාලාවට අදාළ ලිපි ඇතුලත් කොට පුවත්පත් ලිපි එකතුවක් පවත්වාගෙන යනු ලැබේ. පුස්තකාලයාධිපති විසින් නිර්මාණය කරන ලද විශේෂ වර්ගීකරණ ක්‍රමයක් අනුගමනය කරමින් මෙම එකතුවට අයත් ලිපි අනුක්‍රමණිකාවක් ද සම්පාදනය කෙරේ. මෙම ලිපිගොනු පුස්තිකා පෙට්ටිවල අසුරා පාඨකයින්ගේ ප්‍රයෝජනය සඳහා තැන්පත් කර ඇත.

 

සඟරා ලිපි අනුක්‍රමණිකාව

පහත දැක්වෙන සඟරාවල අඩංගු ලිපිනාම සඳහා සම්පාදනය කරනු ලබන මෙම සඟරා ලිපි අනුක්‍රමණිකාව කාඩ්පත් ගොනුවක් වශයෙන් පවත්වාගෙන යනු ලබන අතර පාඨකයනට අවශ්‍ය වූ විට පරිහරණය කිරීමට පහසුකම් සලසා ඇත

  • දෙසතිය
  • නවයුගය
  • ආර්ථික විමසුම

මේවායේ අඩංගු ලිපි විෂය අනුව අනුක්‍රමණිකාවකට ඇතුළත් කොට ඇත.

 

නව ප්‍රතිග්‍රහන ලැයිස්තු

පුස්තකාලයට ලැබෙන සියලුම නව ප්‍රකාශන පිළිබඳ ලැයිස්තු පිළියෙල කොට පාඨකයාගේ ප්‍රයෝජනය සඳහා ප්‍රදර්ශනය කෙරේ.

 

ඒකාබද්ධ සුචිය

දැනට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මධ්‍යස්ථානයෙන් UCAT හා සම්බන්ධ වී ඇත. පුස්තකාල පරිගණකගත සුචියට අලුතින් එකතුවන පොත්පත් පිළිබඳ විස්තර සංයුක්ත තැටි/විද්‍යුත් තැපෑල ආධාරයෙන් UCAT වෙත යවනු ලැබේ. එමගින් අන්තර්ජාලය මගින් පුස්තකලයේ ඇති ග්‍රන්ථ පිළිබඳ තොරතුරු දැනගැනීමට හැකි වේ.