ආචාර්ය රිචර්ඩ් පතිරණ මහජන පුස්තකාලය - අධි ශ්‍රේණිය

Richard pathirana library

ලිපිනය - ආචාර්ය රිචර්ඩ් පතිරණ පුස්තකාලය වක්වැල්ල පාර, ගාල්ල.
දූරකථන අංක - 091 2246761 / 091 2222440
ඊ‍මේල් ලිපින - rplibgalle@sltnet.lk / gmclibrary@hotmail.com

ඉතිහාසය

ක්‍රි.ව. 1867 දී සංස්ථාපනය කරන ලද ගාල්ල මහා නගර සභාව විසින්, වර්‍ෂ 97 ‍ට පසුව 1964.06.16 දින කියවීම් ශාලාවක් ද, ‍‍‍‍‍පොත් 835 ක් හා පාඨකයින් 235 ක් ද සහිතව මහජන පුස්තකාල සේවයක් ආරම්භ කරන ලදී. මහා නගර සභා ගොඩනැගිල්‍ල කඩ කාමරයක් තුල කියවීම් ශාලාව හා පුස්තකාලය ආරම්භ කිරීම සුවි‍‍‍‍‍‍‍ශේෂී වූ මහජන අවශ්‍යතාවයක සමාරම්භයකට දැරු අත්තිවාරමක් ලෙස සැලකිය හැකිය.

ක්‍රම‍‍යෙන් නගර‍‍යේ ප්‍රභූන්ද, පාසල් දරු දැරියන් ද පුස්තකාලය පරිහරණයට හුරුව ලබද්දී ඉඩකඩ ප්‍රමාණවත් නොවූ හෙයින් පිළියමක් ‍‍ලෙස 1975.07.14 දින වඩා ඉඩකඩ සහිත පැරණි විදූලිබලාගාර ‍‍ගොඩනැගිල්ල නව පුස්තකාලය ලෙස එවකට සිටි ලකිසුරු විලියම් ‍‍ගොපල්ලාව මහතා අතින් විවෘත ‍‍‍‍‍‍‍‍කෙරුණි.

ර‍ටේ හා නගර‍‍යේ ක්‍රමික වර්ධනයත් සමග පාඨක ජනතාව ‍‍වෙත වඩා උසස් හා පුළුල් පුස්තකාල ‍සේවාවක් ලබාදි‍‍මේ අවශ්‍යතාවය පැනනැගී‍මේ හේතු‍වෙන්, 1997 වර්‍ෂ‍‍යේ සිට ‍‍ගොඩනගන ලද නව පුස්තකාලය 2000.05.13 දින ආචාර්ය රිචර්ඩ් පතිරණ පුස්තකාලය නමින් මහජන අයිතියට පවරන ලදී.

මෙම පුස්තකාලය ගාලූ නගරයේ වක්වැල්ල පා‍රේ ටැල්බට් ටවු‍මේ ඉදි ‍‍කොට ඇති අතර, ප්‍රධාන මාර්ගයට මුහුණලා කඩවීදිය, පාසල් හා රජ‍‍යේ කාර්යාල ආසන්න‍‍යේ පිහිටා ඇත. ගාල්ල නාගරික බල ප්‍ර‍‍දේශය තුල පදිංචි නගර වැසියන් ‍‍වෙත පුස්තකාල හා ‍තොරතුරු ‍‍සේවා සැපයීම අරමුණ වන අතර, නගර‍යේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවනට හා නගර‍යේ ‍දෙපාර්ත‍‍‍මේන්තු වල හා ආයතන වල ‍‍සේවය නියුක්ත වූ නගර‍‍යෙන් බැහැර ජනතාවට ද පුස්තකාල ‍සේවාව විවෘතව ඇත. මහජන පුස්තකාල පරමාර්ථය අනුව ඕනෑම පාඨක‍‍‍යෙකු සඳහා ‍‍ මෙම පුස්තකාලය නිදහ‍‍සේ පරිහරණය සඳහා විවෘතය.

 

අරමුණු හා කාර්යය භාරය

  • ගාල්ල පුරවර‍යේ පුරවරසියන් ඇතුළු ජනතාව යාවජීව අධ්‍යපනයක් ලබාදීම, ඔවු‍ගේ ජිවන තත්වය නගා සිටුවීමට අවශ්‍ය දැනුම සහ ‍තොරතුරු එක්රැස් කිරීම, ඒවා පුස්තකාල විද්‍යානුකූලව සංවිධානය හා බෙදාහැරිම මගින් බුද්ධිමත් මෙන්ම දැනුවත් සමාජයක් නිර්මාණය කිරිමට අවශ්‍ය පාඨක සේවාවන් ඉටුකිරිම..
  • ගාල්ල මහා නගර සභාවේ ප්‍රතිපත්ති නිර්ණය කරන දේශපාලන නායකත්වයට සහ එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය පරිපාලනමය හා වෘත්තිමය කාර්ය මණ්ඩලවලට අවශ්‍ය දැනුම හා තොරතුරු ලබාදිමට ක්‍රියාකිරිම.
  • ඉහත සඳහන් පරමාර්ථ ඉටුකරණු සඳහා පොත්, වාර සඟරා, පුවත්පත් හා නව තොරතුරු මා ධ්‍ය වන සූක්ෂම මුද්‍රණ, ඡායා ස්ථිති, සේයා රාමු, ශ්‍රව්‍ය දෘෂ්‍ය පටි, සංයුක්ත තැටි ආදිය තේරිම, අත්පත් කර ගැනීම, පරිග්‍රහණ ලේඛණගත කිරිම, මුදල් ගෙවිම, වර්ගීකරණය කිරිම හා සුචිකරණය කිරිම මූලික සංරක්ෂණ කටයුතු කිරිම ද පුස්තකාල පාඨකයන්ගේ භාවිතය සඳහා විමර්ශන අංශය, බැහැරදෙන අංශය, ළමා අංශය හා ජංගම අංශයට බෙදා හැරිම.
  • ගුණාත්මක පාඨක සේවාවක් ඉටුකිරිමට අවශ්‍ය ශිල්පිය තාක්ෂණ ඥාණය කාර්යමණ්ඩලයට ලබාදීම.
  • පාඨකයන්ගේ දැනුම හා කුසලතාවන් වැඩිදියුණු කෙරෙන අධ්‍යාපනික හා වෙනත්සේවාවන් ඉටුකිරිම. .
  • පාඨක සේවාවන් ඉටුකිරිමට අවශ්‍ය ගොඩනැගිලි පහසුකම්, ඉඩකඩ, යන්ත්‍රෝපකරණ හා ශ්‍රව්‍ය දෘෂ්‍ය උපකරණ හා නඩත්තු කාර්යයන් ද, පුස්තකාලයේ පවිත්‍රතාවය ආදි කාර්යයන් නිසි පරිදි ඉටුකිරිම.
  • කාර්ය මණ්ඩලය පුහුණු කිරිම සහ ගාල්ල මහා නගර සභාවේ පරිපාලනය සම්බන්ධ තොරතුරු අවශ්‍යතා ඉටුකිරිම.

 

ගොඩනැගිල්ල

ගාල්ල මහා නගර සභාවේ ආචාර්ය රිචර්ඩ් පතිරණ පුස්තකාලය තෙමහල් ගොඩනැගිල්ලකි. එහි බිම් මහල හා අනෙකුත් මහල් තුනෙහි සංවිධානය කර ඇති ප්‍රධාන අංශ හා සේවා ස්ථාපිත කර ඇත. එමෙන්ම ඒ ඒ මහල්වල අභ්‍යන්තර සංවිධානය එනම් බිම් සැලැස්ම පිළිවෙලින් පහත සඳහන් පරිදි වේ.

මෙම ගොඩනැගිල්ලේ බිම් ප්‍රමාණය වර්‍ග අඩි 15,960 කි. එය මහල් වශයෙන් ගත් කළ පහත සඳහන් පරිදිය.

  • බිම් මහල     - වගර්‍ අඩි 343
  • පළමු මහල   - වගර්‍ අඩි 5523
  • දෙවන මහල  - වගර්‍ අඩි 5414
  • තෙවන මහල - වගර්‍ අඩි 4680
  • එකතුව          - වගර්‍ අඩි 15960

බිම් මහල හා අනෙකුත් මහල් තුනෙහි සංවිධානය කර ඇති ප්‍රධාන අංශ හා සේවා

  • බිම් මහල     - ගමන් බඩු කාමරය
  • පළමු මහල   - පුවත් පත් කියවීම් ශාලාව/වැඩිහිටි පොත් බැහැර දෙන අංශය/වාර සඟරා අංශය/විද්‍යුත් පුස්තකාලය/ප්‍රජා තොරතුරු කවූළුව
  • දෙවන මහල  - ළමා පොත් බැහැර දෙන අංශය/ ළමා විමර්ශන අංශය
  • තෙවන මහල - විමර්ශන අංශය/ස්වඅධ්‍යයන අංශය/විමර්ශන සඟරා අංශය

සාමාජිකයෙකු විය හැක්කේ කාටද ?

  • ගාල්ල මහා නගර සභා සීමාව තුළ ස්ථිර පදිංචි කරුවනට
  • ගාල්ල මහා නගර සභා සීමාව තුළ අධ්‍යාපනය ලබන සිසු සිසුවියනට
  • ගාල්ල මහා නගර සභා සීමාව තුළ රැකියාවේ නියුතු අයට

පොත් බැහැර ගෙන යාම සඳහා සාමාජිකයකු වන්නේ කෙසේද ?

  • අයදුම්පත නිසි ලෙස පුරවා පාසලේ/සේවා ආයතනයේ ඉගෙනීම ලබන බවට/සේවයේ නියුක්ත බවට සහතික කර ලිපියක් ඉදිරිපත් ඉදිරිපත් කරන්න.
  • නාගරික බල ප්‍රදේශය තුළ ස්ථිර පදිංචි වරිපනම් ගෙවන අයෙකු ඉල්ලුම්කරුට ඇපවිය යුතුය.
  • සාමාජිකත්වය අනුමත වූ පසු පොත් ලබාගත හැකිය.
  • සාමාජික බලපත් දෙකක් නිකුත් කරනු ලබන අතර ඒ සඳහා පොත් දෙකක් ලබාගත හැකිවේ.

 

පාඨක සේවාන් සිදුකරන දිනයන් හා වේලාවන්

  • රජයේ නිවාඩු දිනයන් හා බ්‍රහස්පතින්දා දින හැර සතියේ සෑම දිනකම පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 දක්වා විවෘතව පවතී. (බ්‍රහස්පතින්දා දින පෙ.ව. 8.00 සිට ප.ව. 12.30 දක්වා පමණක් පාඨක සේවා සඳහා විවෘතව පවතී)

 

ග්‍රන්ථ වර්ගීකරණය

සියලුම ග්‍රන්ථ ඩිවි දශම වර්ගීකරණයේ DDC 21 සංස්කරණය අනුව වර්ගකර ඇති අතර ග්‍රන්ථවල නාරටියේ ඇමතුම් අංක අලවා ඒවා රාක්ක ගතකර ඇත.

සම්පත් සංවිධානය

ප්‍රධාන අංශ සහ සේවා

බැහැර දෙන අංශය

පුවත්පත් අංශය/ කියවීම් ශාලාව

විමර්ශන අංශය

ස්ව අධ්‍යයන අංශය

ළමා පුස්තකාලය

විඥාපන සේවා

  • දුරකථනයෙන් තොරතුරු විමසන ඕනෑම පාඨකයෙකුට තොරතුරු සැපයීම.
    දූරකථන අංක - 091 2246761, 091 2222440
  • සහන මිලට අන්තර්ජාල සේවා පහසුකම්

විද්‍යුත් පුස්තකාලය

ශාඛා පුස්තකාල