2024.03.06 හා 07 දෙදින පැවැත්වූ මැහුම් නිර්මාණ ප්‍රදර්ශනය.

ගාල්ල මහා නගර සභා ප්‍රජා සංවර්ධන ඒකකය මගින් පවත්වාගෙන යනු ලබන මැහුම් හා සූපවේ දී පාඨමාලාවන් 2023 වර්ෂයේ දී හැදෑරූ සිසුවියන්ගේ නිර්මාණ දැක්මක් හා සහතික පත්‍ර ප්‍රධානෝත්සවය 2024.03.06 හා 07 දෙදින ගාල්ල නගර ශාලාවේ දී ඉතා සාර්ථක ලෙස පැවැත්විණි.