ග්‍රාමීය ව්‍යවසායකයින් සඳහා උපකරණ ලබා දීම

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මගින් ග්‍රාමීය ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සඳහා 2021 වර්ෂය සඳහා ක්‍රියාත්මක කරන ලද වැඩ සටහන අනුව ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ තෝරාගත් ව්‍යවසායකයින් සඳහා උපකරණ ලබා දීම ගාල්ල කඩවත් සතර ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ දී සිදුවිය. මේ සඳහා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්ජාන් ෆලීල් මැතිතුමා, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ උප සභාපති ගරු නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මැතිතුමා, ගරු නියෝජ්‍ය නගරාධිපති ෆවුසුල් නියාස් මැතිතුමා, නගර සභා මන්ත්‍රීතුමන්ලා, මන්ත්‍රීතුමියන්ලා සහ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම්තුමිය හා අදාළ නිලධාරීන් ද සහභාගී විය.