2022.02.25 දින නුවරඑළිය මහා නගර සභාවේ ගරු මහජන නියෝජිතයින් හා නිලධාරීන් පැමිණීම

ගාල්ල මහා නගර සභාවේ සහ නුවරඑළිය මහා නගර සභාවේ ගරු මහජන නියෝජිතයින් හා නිලධාරීන් අතර අදහස්, දැණුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමේ වැඩසටහන යටතේ නුවරඑළිය මහා නගර සභාවේ ගරු නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මැතිතුමා, ගරු නියෝජ්ය නගරාධිපතිතුමිය ඇතුළු ගරු මහජන නියෝජිතයින් හා නිළධාරීන් කණ්ඩායමක් 2022.02.25 දින ගාල්ල මහා නගර සභාව වෙත පැමිණි අතර එහි දී ගාල්ල මහා නගර සභාව මගින් පාලනය වන කසළ ප්රතිචක්රීකරණ ඒකකය, ගොඩනැගිලි සුන්බුන් ප්රතිචක්රීකරණ ඒකකය, ගාල්ල ධර්මපාල උද්යානය වැනි ස්ථාන රැසක සංචාරය කරමින් දැනුම හා අදහස් හුවමාරු කර ගන්නා ලදි. එම අවස්ථාව සඳහා ගාල්ල ගරු නගරාධිපති ප්රියන්ත ජී. සහබන්දු මැතිතුමා, ගරු නියෝජ්ය නගරාධිපති ෆවුසුල් නියාස් මැතිතුමා, ගරු නාගරික මන්ත්රී මණ්ඩලය හා නිලධාරීන් ද සහභාගී විය.