2022.01.09 දින ධර්මපාල උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාව

මේ වන විට නවීකරණ කටයුතු අවසන් අධියරේ පවතින ගාල්ල ධර්මපාල උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කර ජනතාව සඳහා විවෘත කිරීමට සියළු කටයුතු සූදානම් වෙමින් පවතී. එම කටයුතු පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා ගරු නගරාධිපතිතුමා, ගරු නියෝජ්‍ය නගරාධිපතිතුමා, ධර්මපාල උද්‍යාන කමිටුව නියෝජනය කරන ගරු නාගරික මන්ත්‍රීවරුන්, නාගරික කොමසාරිස්තුමා හා නගර සභා නිළධාරීන් විසින් 2022.01.09 දින නිරීක්ෂණ චාරිකාවක යෙදිනි.