2021.07.26 හා 28 දෙදින තුල කොවිඩ් එන්නත්කරණය කිරීමේ වැඩසටහන

ගාල්ල මහා නගර සභා බල ප්රදේශයේ කොවිඩ් එන්නත්කරණය කිරීමේ වැඩසටහන යටතේ 2021.07.24 හා 25 දෙදින ගාල්ල මහා නගර සභා බලප්රදේශයට අයත් ග්රාම නිලධාරී වසම්වල අවුරුදු 30 ට වැඩි මෙතෙක් එන්නත්කරණයට ලක්නොවූ අය ලියාපදිංචි කිරීම සිදුකළ අතර ඒ අනුව හඳුනාගත් සියළු දෙනා හට 2021.07.26 හා 28 දෙදින තුල දඩල්ල BTS විද්යාලයේ දී එන්නත් මාත්රා 3888 ක් සහ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්යාලයේ දී එන්නත් මාත්රා 7712 ක් වශයෙන් එන්නත් මාත්රා 11600 ක ප්රමාණයක් එන්නත්කරණය සිදුකරන ලද අතර ගාලු නගරය තුල පිහිටි ව්යාපාරික හා සේවා ආයතනවල පිරිසකට ද එන්නත්කරණය සිදුකරන ලදි.
එන්නත්කරණ මධ්යස්ථාන වලට පැමිණීමට නොහැකි අබාධිත හා වයෝවෘද්ධ ජ්යෙෂ්ඨ පුරවැසියන් සඳහා ජංගමව එන්නත් කිරීමේ වැඩසටහන් ක්රියාත්මක කිරීමට ඉදිරියේ දී බලාපොරොත්තු වේ.