ළමා පුස්තකාලය | ආචාර්ය රිචර්ඩ් පතිරණ පුස්තකාලය

ළමා කාලයේදීම තොරතුරු හා දැනුම ඇතුලත් පොතපත හා ද්‍රව්‍ය හඳූනා ගැනීම, ඉගෙනීමට, කියවීමට හුරුකරවීම, ළමුන්ගේ කුසලතාවයන් මතුකර ගැනීමට හා වැඩි දියුණු කර ගැනීමට පහසුකම් සැලසීම මෙම සේවය තුළින් අපේක්ෂා කෙරේ.

ළමා පුස්තකාල සාමාජිකත්වය ගාල්ල මහා නගර සභා සීමාව තුළ ස්ථිර පදිංචිය ඇති හෝ අධ්‍යාපනයේ නියුක්ත, වයස අවුරුදු 05-14 අතර පසුවන පාසල් දරු දැරියන්ට තම දෙමාපිය භාරකාර ඇපවීම මත හා මහා නගර සභාවට වරිපනම් ගෙවන අයෙකුගේ ඇපවීම මත ලබාගත හැකිය.

ළමා අංශයෙන් නොමිළයේ සිදුකරනු ලබන ව්‍යාප්ත සේවා

  • ශිෂ්‍යත්ව පංතිය
  • චිත්‍ර හා අත්වැඩ පංතිය
  • කමි-ෂිභායි වැඩසටහන
  • දෙමළ භාෂා පංතිය
  • චිත්‍රපට දර්ශන