මරණාධාර ගෙවීම

  1. ගාල්ල මහා නගර සීමාව තුළ ස්ථීර පදිංචිය ඇති අයෙකු විය යුතුය.
  2. මාසිකව මහජනාධාර ලබන්නෙකු හෝ දරිද්‍ර නීති ආඥාපනත අනුව යැපීමට කිසිදු ආදායම් මාර්ගයක් නොමැති අයෙකු විය යුුතුය.
  3. ගෙවනු ලබන ආධාර මුදල රු. 1500/- කි
  4. ආධාර ඉල්ලීමේ ලිපිය සිද්ධිය වූ විගස ඉදිරිපත් කළ යුතුය.
  5. මරණ සහතිකයේ සත්‍ය පිටපත්, මහජනාධාර ලබන්නෙකු නම් ඒ සඳහා නිකුත් කර ඇති අසරණාධාර සහන කාඩ් පත, නාගරික මන්ත්‍රීවරයෙකුගේ නිර්දේශය සහිත ලිපිය හා ග්‍රාම නිලධාරීගේ ලිපිය (ප්‍රාදේශීය ලේකම් අනු අත්සන සහිතව) ආධාර මුදල් ඉල්ලීමේ ලිපියට ඇමිණිය යුතුය.
  6. මේ ආධාර ඉල්ලීමේ ලිපි නාගරික ලේකම් දෙපාර්තමේන්තුවේ දරිද්‍ර නීති රෙජිස්ට්‍රාර් වෙත භාර දිය යුතුය.