ගාලු ඉතිහාසය

ගාල්ල ලෝක උරුම නගරයකි. වර්ග සැතපුම් 6.5 ක පමණ භූමි භාගයක් පුරා පැතිර ඇති ගාලු නගරය පුරාණයේ සිට වෙළඳ නගරයක් ලෙස ප්‍රසිද්ධ වූවකි. ගාලු වරාය පෙරදිග දියුණු වරායක් මෙන් ම වෙළඳ මධ්‍යස්ථානයක් ද විය. ක්‍රි.ව. 1505 දී අහම්බෙන් ගාලු වරායට ගොඩබට පෘතුගීසි සෙන්පති ලොරෙන්සෝ ද අල්මේදා ගේ ආගමනයත් සමග ගාල්ලේ මෑත ඉතිහාසය ඇරඹෙයි.

ship  Lorenzo de Almeida Francisco de Almeida Portugal

ක්‍රි.ව. 1587 දී පෘතුගීසීහු ගාලු නගරය තම පරිපාලනය යටතට ගත්හ.

Portugal army

 

ආරක්ෂාව සඳහා පෘතුගීසීන් විසින් ගොඩ නැගූ ගාලු කොටු පවුර කළු කොටුව නමින් හැදින්වේ.

Black Fort - Galle

පෘතුගීසීන් සමග කළ දරුණු සටනකින් පසු 1640 දී ලන්දේසීහු ගාල්ලේ පාලන බලය අත්පත් කර ගත්හ.

Portugal vs landesi

1640 - 1672 අතර කාලයේ දී ගාලු කඩවීදියේ සිට කෙටුව දක්වා දිස් වූ අයුරු.

main street to fort

පෘතුගීසීන් සාදා තිබූ කොටුව විශාල කර සාදන ලද්දේ ලන්දේසීන් විසිනි. කාලතුවක්කු සවිකර තිබූ විශාල අට්ටාල හෙවත් බැස්ටියන් 16 ක් එකිනෙකට යා කරමින් ලන්දේසීහු සුවිසල් බල කොටුවක් ද අංග සම්පූර්ණ නගරයක් ද නිර්මාණය කළහ.

bastiyan 16

1724 - 1726 දී François Valentyn / Valentijn විසින් ප්‍රකාශයට පත් කරන ලද ගාලු කොටුවේ සිතියමක්.

old fort map

1796 දී ඉංග්‍රීහු ගාලු නගරයේ පාලනය තම අණසක යටතට ගත්හ.

1796 english

1754 දී ගාලු වරාය

1754 galle  port

බ්‍රිතාන්‍ය සමයේ දී ගාලු වරාය දිස් වූ අයුරු.

galle port

1870 දී ගාලු වරාය

1870 galle port

ගාලු පැරණි කොටු දොරටුව 1903 දී

1903 galle fort main gate

කොටුවේ පැරණි  ලංදේසි පල්ලිය. 1903 දී ලබා ගත් ඡායාරූප

1903 church 1  1903 church 2

කොටුවේ විශාලතම ගොඩනැගිල්ල වන පැරණි ලන්දේසි බඩු ගබඩාව

biggest building

පැරණි ලන්දේසි රෝහල. වසර කීපයකට පෙර කච්චේරිය පිහිටියේ ද මේ ගොඩනැගිල්ලේ ය.

old hospital

මෑතක් වනතුරු නිව් ඔරියන්ටල් හෝටලය නමින් හැඳින් වූ මේ ගොඩනැගිල්ල ලන්දේසීන් විසින් ඉදිකරන ලද්දේ 1684 දී දැවමය මහල් 12න් යුතුවය.

new oriantal hotel 2  new oriantal hotel

  new oriantal hotel

1900 දී ගාලු නගරයේ දර්ශනයක් (බ්‍රිතාන්‍ය සමය)

1900 galle city

1950 දී ගාල්ල (නිදහසින් පසු)

1950 galle city

ගාලු කොටුවේ ඔරලෝසු කණුව. මෙය ගාල්ල මහා නගර සභාවේ ප්‍රථම සභිකයා වූ පීටර් ඩැනියල් අන්තෝනියස් මහතා සිහිවීම පිණිස 1883 දී ඉදිකරන ලද්දකි.

galle fort watch tower

ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද ප්‍රථම ප්‍රදීපාගාරය ඉංග්‍රීසීන් විසින් ස්ථාපිත කෙරී ඇත්තේ 1886 දී ගාල්ල කොටුවේ ය. ලෝහයෙන් තනා තිබූ එය 1936 දී ගින්නකින් විනාශ විය. වත්මන් ස්ථානයේ නැවත ප්‍රදීපාගාරය ඉදිකර ඇත්තේ 1937 දී වන අතර පැරණි ප්‍රදීපාගාරය අසලින් තිබූ මාර්ගය අදටත් ප්‍රදීපාගාර වීදිය ලෙස හැදින්වේ.

galle lighthouse