විමර්ශන අංශය | ආචාර්ය රිචර්ඩ් පතිරණ පුස්තකාලය

අධ්‍යයනය හා පර්යේෂණයන්හි නියුතුවූවනට හා නිශ්චිත තොරතුරක් සොයා එන පාඨකයනට සැපයෙන සේවාවකි. විමර්ශන අංශය භාවිතා කිරීමට සාමාජිකත්වයක් අවශ්‍ය නොවන අතර තම අනන්‍යතාවය සනාත කිරීමට ජාතික හැඳුනුම්පත හෝ වෙනත් පිළිගත් හැඳුනුම්පතක් ඉදිරිපත් කළ යුතුය.

ස්ථිර විමර්ශන කෘති, ක්ෂණික විමර්ශන කෘති ලෙස සලකන විශ්වකෝෂ, ශබ්ද කෝෂ, වාර්ෂික ග්‍රන්ථනාමාවලි, පරිභාෂික ශබ්දමාලා, ඒක විෂය ග්‍රන්ථ ආදිය හා සිතියම් මෙහි ඇත. ඉහත කෘතීන්ට අතිරේකව සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලියැවුනු ශාස්ත්‍රීය ග්‍රන්ථ එකතුවක්, විවිධ විෂය මාතෘකා යටතේ සංවිධානය කරන ලද පුවත්පත් ලිපි එකතුවක්, රජයේ ප්‍රකාශන, විවිධ ආයතන පලකරන ලද වාර්ෂික වාර්තා, ශාස්ත්‍රීය ප්‍රකාශන හා පුස්තකාල මිළදී ගන්නා ශාස්ත්‍රීය ප්‍රකාශනද මෙම තොරතුරු සේවය යටතේ සංවිධානය කර ඇත. විමර්ශන අංශයේ පාඨකයන් 80 දෙනෙකු සඳහා ආසන පහසුකම් සලසා ඇත.

විමර්ශන සඟරා අංශය

මෙහිදී පහත සඳහන් වාර ප්‍රකාශන කියවිය හැකිය.

  • මුතුහර
  • වත්මන
  • මනහර
  • දෙසතිය
  • නව යුගය
  • ආර්ථික විමසුම
  • ක්‍රීඩා
  • සිව්දෙස
  • විජය පරිගණක
  • Times
  • Fortune