ප්‍රධාන අංශ සහ සේවා | ආචාර්ය රිචර්ඩ් පතිරණ පුස්තකාලය

බැහැර දෙන අංශය

පොත් බැහැරදීම හා ඊට සම්බන්ධ සාමාජිකයන් බඳවා ගැනිම, සාමාජිකත්වය අලුත් කිරිම ද ඇතුලත් සියලු පාඨක සේවා මෙහිදි ඉටුකරනු ලැබේ.

පොත් බැහැර දීමේ සේවාව අංශ 02ක් යටතේ ක්‍රියාත්මක වේ.

  1. බැහැර දෙන පුස්තකාලයෙන් පොත් බැහැර දීම.
  2. ළමා පුස්තකාලයෙන් පොත් බැහැර දීම

පොත් බැහැර ගෙනයාම සඳහා පුස්තකාලයේ බැහැරදෙන/ළමා අංශයේ සාමාජිකයෙකු ලෙස ලියාපදිංචි විය යුතුය. පොත් ලබාගැනීමට සාමාජිකයනට බලපත් දෙකක් නිකුත් කරනු ලැබේ. සාමාජික වර්ග දෙකකි.

  • වයස අවුරුදු 14 ට වැඩි ගාල්ල මහා නගර සීමා බල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන්
    සාමාජිකත්වය අලුත් කිරිමේ ගාස්තුව රු. 20.00 කි.
    සාමාජික ගාස්තුව රු. 70.00 කි.
    වාර්ෂිකව සාමාජිකත්වය අලුත් කළ යුතුවේ.
  • ගාල්ල මහා නගර සභා සීමාව තුළ ස්ථිර පදිංචිය ඇති හෝ අධ්‍යාපනයෙහි නියුක්ත වයස අවුරුදු 05-14 අතර පසුවන දරු දැරියන් සඳහා
    සාමාජික ගාස්තුව රු. 50.00 කි.
    දෙවසරකට වරක් සාමාජිකත්වය අලුත් කළ යුතුවේ.
    සාමාජිකත්වය අලුත් කිරිමේ ගාස්තුව රු. 10.00 කි.