පුවත්
5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින දරු දැරියන් සඳහා විශේෂ මහා සම්මන්ත්‍රණය
2022.11.09 දින රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජේ.ඒ. ලියනගේ මැතිණිය පැමිණීම
රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජේ.ඒ. ලියනගේ මැතිණිය සහ එම නියෝජිත පිරිස හා වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත ගරු කැබිනට් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා, ගාල්ල ගරු නගරාධිපති ප්‍රියන්ත ජි. සහබන්දු මැතිතුමා,
ගරු නියෝජ්‍ය නගරාධිපති ෆවුසුල් නියාස් මැතිතුමා, ගරු නාගරික මන්ත්‍රී පරාක්‍රම දහනායක මැතිතුමා, නාගරික කොමසාරිස් (රා.ඉ.) දිලිනි සුමාලි මෙනවිය සමග 2022.11.09 දින මුණගැසි ගාල්ල නගරයේ වත්මන් තත්ත්වය සහ ඉදිරි සංවර්ධන කටයුුතු පිළිබඳ සාකච්ඡා කරන ලදි.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ගරු සාරා හල්ටන් (Sarah Hulton) මැතිණිය පැමිණීම
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ගරු සාරා හල්ටන් (Sarah Hulton) මැතිණිය ගාල්ල නගරාධිපති ප්‍රියන්ත ජි. සහබන්දු මැතිතුමා, ගරු නියෝජ්‍ය නගරාධිපති ෆවුසුල් නියාස් මැතිතුමා, ගරු නාගරික මන්ත්‍රී පරාක්‍රම දහනායක මැතිතුමා, නාගරික කොමසාරිස් (රා.ඉ.) දිලිනි සුමාලි මෙනවිය සමග 2022.11.02 දින මුණගැසි ගාල්ල නගරයේ වත්මන් තත්ත්වය පිළිබද සාකච්ඡා කරන ලදි
විශ්ව ළමා දින උත්සවය 2022 වර්ෂය
2022.05.20 දින මකුළුව ග්‍රාම නිලධාරී වසමේ ඩෙංගු මර්දන වැඩසටහන
සීඝ්රයෙන් පැතිර යන ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා ගාල්ල මහා නගර සභාව මගින් ක්‍රියාත්මක කර ඇති ඩෙංගු මර්දන වැඩසටහන යටතේ 2022.05.20 දින මකුළුව ග්‍රාම නිලධාරී වසමේ මාර්ග දෙපස කාණු සුද්ද කිරීම, මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරීක්ෂා කිරීම හා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සිදුකෙරිණි.
2022.05.19 දින කරාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ ඩෙංගු මර්දන වැඩසටහන
සීඝ්රයෙන් පැතිර යන ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා ගාල්ල මහා නගර සභාව මගින් ක්‍රියාත්මක කර ඇති ඩෙංගු මර්දන වැඩසටහන යටතේ 2022.05.19 දින කරාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ මාර්ග දෙපස කාණු සුද්ද කිරීම, මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරීක්ෂා කිරීම හා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සිදුකෙරිණි.
2022.05.18 දින පෙට්ටිගලවත්ත ග්‍රාම නිලධාරී වසමේ ඩෙංගු මර්දන වැඩසටහන
සීඝ්රයෙන් පැතිර යන ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා ගාල්ල මහා නගර සභාව මගින් ක්‍රියාත්මක කර ඇති ඩෙංගු මර්දන වැඩසටහන යටතේ 2022.05.18 දින පෙට්ටිගලවත්ත ග්‍රාම නිලධාරී වසමේ මාර්ග දෙපස කාණු සුද්ද කිරීම, මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරීක්ෂා කිරීම හා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සිදුකෙරිණි.
අඩු ආදායම් ලාභී පවුල්වල පාසල් සිසු සිසුවියන් සඳහා නොමිලයේ අභ්‍යාස පොත් හා උපකරණ කට්ටල බෙදාදීම - 2022
2022.02.25 දින නුවරඑළිය මහා නගර සභාවේ ගරු මහජන නියෝජිතයින් හා නිලධාරීන් පැමිණීම
ගාල්ල මහා නගර සභාවේ සහ නුවරඑළිය මහා නගර සභාවේ ගරු මහජන නියෝජිතයින් හා නිලධාරීන් අතර අදහස්, දැණුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමේ වැඩසටහන යටතේ නුවරඑළිය මහා නගර සභාවේ ගරු නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මැතිතුමා, ගරු නියෝජ්‍ය නගරාධිපතිතුමිය ඇතුළු ගරු මහජන නියෝජිතයින් හා නිළධාරීන් කණ්ඩායමක් 2022.02.25 දින ගාල්ල මහා නගර සභාව වෙත පැමිණි අතර එහි දී ගාල්ල මහා නගර සභාව මගින් පාලනය වන කසළ ප්‍රතිචක්‍රීකරණ ඒකකය, ගොඩනැගිලි සුන්බුන් ප්‍රතිචක්‍රීකරණ ඒකකය, ගාල්ල