ගාල්ල මහා නගර සභාව වෙත චීන රජයෙන් මුඛ ආවරණ 30000 ක පරිත්‍යාගයක්.

ගරු නගරාධිපතිතුමාගේ ඉල්ලීමකට අනුව චීන රජයේ ෆූෂෝ මහජන නාගරික සභාව (Fuzhou Municipal Peoples Government)
මගින් ගාල්ල මහා නගර සභාව වෙත සෞඛ්‍යාරක්ෂිත මුඛ ආවරණ 30000 ක පරිත්‍යාගයක් සිදුකරන ලදි.


එම මුඛ ආවරණ තොගය නිල වශයෙන් ගාල්ල මහා නගර සභාවට පරිත්‍යාග කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් 2020.05.21 දින ගාල්ල නගරාධිපති
කාර්යාලයේ දී පැවැත්විණි. එම මාධ්‍ය සාකච්ඡාව සඳහා චීන මිත්‍රත්ව මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරන දිසානායක බණ්ඩාර මහතා සහ කඹුරුපිටිය,
ශ්‍රී විද්‍යා නිඛේත පිරිවෙණ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය ඕමාරේ කස්සප අනුනායක ස්වාමීන්වහන්සේ, ගරු නගරාධිපතිතුමා, ගරු නියෝජ්‍ය නගරාධිපතිතුමා
ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් හා නාගරික කොමසාරිස්තුමා, නියෝජ්‍ය නාගරික කොමසාරිස්තුමිය ඇතුළු නගරසභා නිලධාරීන් සහභාගී විය.


මෙම මුඛ ආවරණ අත්‍යාවශ්‍ය සේවාවන්හි නිරත වන කසළ කළමනාකරණ අංශයේ සේවක මහතුන් ඇතුළු නගර සභා නිලධාරීන්ට බෙදා දීමට
කටයුතු කෙරිණි.

Image

donation of face masks
donation of face masks
donation of face masks
donation of face masks